පිට කොන්දේ වේදනාව

පිට කොන්දේ වේදනාවට හේතුව හඳුනා ගැනීම සැමවිටම කළ නොහැකි නමුත් එය ඉතා කලාතුරකින් බරපතල තත්වයකට පත් වේ. බොහෝ විට පිට කොන්දේ වේදනාව "නිශ්චිත නොවන" (පැහැදිලි හේතුවක් නැත) හෝ "යාන්ත්‍රික" (වේදනාව කොඳු ඇට පෙළ හා ඒ අවට ඇති සන්ධි, අස්ථි හෝ මෘදු පටක වලින් හට ගනී) ලෙස හඳුන්වනු ලබයි. මෙම වර්ගයේ පිට කොන්දේ වේදනාව:

  • ඔබ සිටිනා ඉරියව්ව අනුව හොඳ අතට හෝ නරක අතට වීමට නැඹුරු වේ - නිදසුනක් වශයෙන්, වාඩි වී සිටින විට හෝ නිදා සිටින විට එය වඩා සුව පහසු බවක් දැනීම
  • සාමාන්‍යයෙන් චලනය වන විට තත්වය වඩාත් නරක අතට හැරේ යැයි හැඟේ - නමුත් ඔබගේ තත්වය සම්පූර්ණයෙන්ම නරක අතට හැරවිය හැකි බැවින් ඔබේ කොන්ද සම්පූර්ණයෙන්ම නොසොල්වා සිටීම එතරම් හොඳ අදහසක් නොවේ
  • හදිසියේ හෝ ක්‍රමයෙන් වර්ධනය විය හැක
  • සමහර විට දුර්වල ඉරියව්වක් හෝ දෙයක් ඔසවා තැබීමේදී වැරදි ඉරියව් භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස විය හැකි නමුත් බොහෝ විට සිදුවන්නේ පැහැදිලි හේතුවක් නොමැතිව ය
  • සමහර විට උලුක්කුවක් (අස්ථි බන්ධයක් ඇදීම) හෝ මාංශ පේශියක් ඇදීමෙන් ඇති විය හැකිය
  • සමහර විට ආතතිය හෝ දුර්වල ස්වභාවයක් දැනීම නිසා විය හැකිය
  • සාමාන්‍යයෙන් සති කිහිපයක් ඇතුළත හොඳ අතට හැරෙනු ඇත

පිට කොන්දේ වේදනාව ඇති කරන රෝග තත්වයන්

පිට කොන්දේ වේදනාව ඇති විය හැකි තත්වයන් අතර:

  • ලිස්සා ගිය (දිග්ගැස්සුනු) කශේරුක කාඨිලේජයක් (කොඳු ඇට පෙළේ කාටිලේජ තැටියක් ස්නායුව මත තද වීම) - මෙය කොන්දේ වේදනාව, නොදැනීම, හිරිවැටීම සහ ශරීරයේ අනෙකුත් කොටස්වල දුර්වලතාවයට හේතු වේ
  • සයටිකා(Sciatica)(පහළ පිටුපස සිට පාද දක්වා දිවෙන ස්නායුවේ ආබාධයක්) - මෙය පහළ පිටුපසට ප්‍රදේශයේ, සහ පාද වල වේදනාව, හිරිවැටීම, සංවේදනය නැති වීම සහ දුර්වල වීම ඇති කල හැක
  • ඇන්කීලෝසින් ස්පොන්ඩිලයිටිස් (Ankylosing spondylitis) (කොඳු ඇට පෙළේ සන්ධි ඉදිමීම) - මෙය සාමාන්‍යයෙන් උදේට වඩා වැඩි වන අතර චලනය සමඟ වැඩි වැඩි වන වේදනාව හා තද ගතිය ඇති කරයි
  • ස්පොන්ඩිලෝතියේසිස් (Spondylolisthesis) (කොඳු ඇට පෙලේ අස්ථියක් තිබෙන ස්ථානයේන් ලිස්සා යාම) - මෙය පහළ පිටුපස ප්‍රදේශයේ වේදනාව හා තද ගතිය මෙන්ම සංවේදනය නැති වී යාම, සහ හිරි වැටීම වැනි සංව්දනයක් ඇති කරයි

මෙම තත්වයන් ''විශේෂිත නොවන පිට කොන්දේ වේදනාවට'' වෙනස් ලෙස සලකා ප්‍රතිකාර කරනු ලැබේ. ඉතා කලාතුරකින්, පිට කොන්දේ වේදනාව, පහත සඳහන් ආකාරයේ බරපතල ගැටලුවක සලකුණුක් විය හැකිය:

  • කොඳු ඇට පෙළේ අස්ථි බිඳීමක්
  • ආසාදනයක්
  • කෝඩ ඉක්විනා (cauda equina syndrome) (සහ ලක්ෂණය ) (පහළ පිටුපස ප්‍රදේශයේ ස්නායු දැඩි ලෙස සම්පීඩනය වීම)
  • පිළිකා

පිට කොන්දේ වේදනාව සඳහා ඔබගේ වෛද්‍යවරායා හමු වුවහොත් ඔවුන් මෙම ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරනු ඇත.